හෙද වර්ජනයක් හේතුවෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ රෝහල්වල සැලසුම් කර තිබූ සැත්කම් රැසක් අවලංගු කර තිබෙනවා.
හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් පැය 24ක වැඩ වර්ජනයකට එක්ව සිටීම හේතුවෙන් සැත්කම් සිය ගණනක් අවලංගු කර ඇති අතර ජීවිතාරක්ෂක සත්කාර සඳහා පමණක් එය බල නොපාන බවයි සඳහන් වන්නේ.
හෙද නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇත්තේ සියයට 15ක වැටුප් වැඩිවීමක් සඳහා කළ ඉල්ලීම ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත හෙද සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය පැවසුවේ වසරකට සියයට 3 දීමනාවක් ලබාදෙන බවට රජය කළ යෝජනාව තවමත් වෙනස් කර නොමැති බවයි.
වැටුප් වැඩි කිරීමේ යෝජනාව රජය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හෙද හෙදියන් කලකිරීමෙන් සහ කෝපයෙන් සිටින බව සංගමයේ ප්‍රධාන ලේකම් ෂයේ කැන්ඩිෂ් ප්‍රකාශ කළා.
මේ අතර මෙම වැඩවර්ජනයට පෙර අදහස් දක්වමින් නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය අමාත්‍ය රයන් පාක් කියා සිටියේ මෙම වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳ කලකිරීමට පත් වුව ද සෞඛ්‍ය පද්ධතියට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා සූදානම්ව සිටින බවයි.