Search

හෙට පැවැත්වෙන මහ මැතිවරණ සූදානම ගැන නවතව තත්වය මෙන්න

හෙට පැවැත්වෙන මහ මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දවස පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කටයුතු සිදුවන බවයි.

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නියෝජිතයින් 6,000ක පමණ පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ.

මේ අතර හෙට (14) දිනයේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යස්ථාන 13421 ඡන්දය පැවැත්වෙන අතර මෙවර මැතිවරණයට පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයින් 8352 නෙකු ඉදිරිපත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට උදෑසන 7 සිට සවස 4 දක්වා ඡන්දය භාවිත කිරීමේ හැකියාව ජන්දදායකයින්ට හිමිවනවා.

ශ්‍රී  ලංකාවේ 2024 මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵල විකාශය සජීවීව ඔබ වෙත ගෙන ඒමට AusLanka TV මාධ්‍ය ආයතනය කටයුතු සැලසුම් කර තිබෙනවා.

AusLanka TV සහ AusLanka රේඩියෝ නාලිකා ඔස්සේ ශ්‍රී ලංකාවේ උණුසුම් වන ඡන්ද ප්‍රතිඵල ඔබ වෙත ලබාදීමට මේවන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.

නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් AusLanka TV facebook, AusLanka TV YouTube, AusLanka Live app එක මගින් මෙන්ම AusLanka TV වෙබ් අඩවිය ඔස්සේ ද නිල ප්‍රතිඵල ලද සැණින් ඔබට ලබාදීමට අප සූදානම්.

මෙම මැතිවරණ ප්‍රතිඵල විශේෂ විකාශය සඳහා Sapling Lawyers, Makray Homes, Isha care and beauty, Mortgage Premiers සහ Kopi Kade, Onaro Online, Meta Tax , Wattle Healthcare, Sahanro Ayurvedic යන ආයතන අප සමග අනුග්‍රාහක දායකත්වයෙන් එක් වනවා.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »