Search

අද සිට AI Smart Trolley භාවිතයට මෙල්බන් වැසියන්ට අවස්ථාවක්

AI තාක්ෂණය ඔස්සේ ක්‍රියා කෙරෙන ස්මාර්ට් ට්‍රොලි අත්හදා බැලීමට කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය කටයුතු කර තිබෙනවා.

මෙම පළමු අත්හදා බැලීම මෙල්බන් හි කෝල්ස් වෙළඳසැල් හි ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

AI තාක්ෂණික ස්මාර්ට් ට්‍රොලි 2025 ජනවාරි මාසයේ සිට කොල්ස් සුපිරි වෙළදසැල් හි භාවිත කළ හැකි අතර අද සිට මෙල්බන් හි Colse වෙළඳසැලේ පාරිභෝගිකයින්ට Smart ට්‍රොලි කිහිපයක් පරීක්ෂා කිරීමට අවස්ථාව හිමිවනවා.

මෙහිදි පාරිභෝගිකයින්ට කවුන්ටර් වෙත යෑමෙන් තොරව තමන් විසින්ම මුදල් ගෙවීමේ හැකියාව හිමිවීම විශේෂත්වයක් වන අතර මුදල් කළමනාකරණයට ද එය පහසු වනු ඇති.

AI Smart ට්‍රොලි සංවර්ධනය කිරීමට එක්සත් ජනපදයේ බෙදාහැරීමේ දැවැන්තයෙකු වන Instacart සමාගම සමඟ හවුල් වී ඇති බවද සදහන්.

මෙම Smart ට්‍රොලි ඩිජිටල් තිරයකින් සමන්විත වීම මගින් Colse පාරිභෝගිකයින්ට වඩාත් පහසු වන අතර කාළය ඉතිරි කර ගැනීම හා මුදල් වියදම් කළමනාකරණයට ද එය පහසු වනු ඇති.

ඒ අනුව AI තාක්ෂණයෙන් ක්‍රියා කරන ට්‍රොලි හඳුන්වා දුන් ඔස්ට්‍රේලියාවේ පළමු සිල්ලර වෙළද සැල් ජාලය ලෙස කෝල්ස් වාර්තා අතරට එක්වෙනවා.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »