සැප්තැම්බර් වන විට ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධනය සියයට 3.5% දක්වා පහත වැටි ඇති බව සංඛ්‍යා ලේඛන කාර්යාංශය අද නිවේදනය කර තිබෙනවා.
2023 ජූනි කාර්තුව වන විට එම අගය සියයට 4ක් ලෙස සටහන් වූ අතර මෙවර එම අගය එනම් 2023 සැප්තැම්බර් සිට 2024 සැප්තැම්බර් දක්වා වාර්ෂික අගය යළිත් සියයට 3.5 දක්වා පහත වැටි ඇති බවයි වාර්තා වන්නේ.
සියයට 4 සිමාවේ තිබු වැටුප් වර්ධනය මාස 15කට පසු මෙලෙස සියයට 3.5ක අගයට වැටුණු ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සැලකෙනවා.
සැප්තැම්බර් මස පමණක් ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය අගය සටහන්ව ඇත්තේ සියයට 0.8ක් ලෙසයි.
ආර්ථික විශේෂ පුරෝකතනය කර ඇත්තේ මෙවර වාර්ෂික වැටුප් වර්ධන අගය සියයට 3.6ක් වනු ඇති බවයි.
කෙසේ වෙතත් මෙම තත්වය ඔස්ට්‍රේලියානුවන්ගේ උද්ධමනයට සාපේක්ෂව බැලීමේදි වැටුප් වැඩිවීමක් බවද ආර්ථික විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය අංශයට සාපේක්ෂව පෞද්ගලික අංශ සේවකයින්ට සැප්තැම්බර් කාර්තුව වන විට වැටුප් වැඩිවීමක් පෙන්නුම් කරන බව සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත වැඩිදුරටත් පෙන්වා දෙනවා.