Search

වික්ටෝරියා ප්‍රාන්තයේ විදෙස් සිසුන් සහ කුලී නිවාස ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියානු රජය විසින් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ප්‍රමාණය සීමා කළද මෙට්‍රොපොලිටන් කුලී නිවාස මිල අඩුවී ඇත්තේ 0.8% කින් පමණක් බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ඒ ඔස්සේ සතියක කුලී නිවාස මිලෙන් ඩොලර් 5 ක් පමණක් අඩු වී ඇති බවයි දේපල කවුන්සිලය (Property Council) විසින් පෙන්නුම් කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස වෙළදපොල තුළ ජාත්‍යන්තර සිසුන් 6% ක ප්‍රතිශතයක් නියෝජනය කරන අතර ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාව සීමා කිරීම තුළින් මෙම ප්‍රමාණයක් 0.6% පමණක් අඩු වී ඇති බව ද සදහන්.

ශිෂ්‍ය නවාතැන් කවුන්සිලය (Student Accommodation Council) වෙනුවෙන් “Mandala” විසින් සිදුකරන ලද පර්යේෂණයෙන් අනාවරණය වූයේ ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාව සීමා කිරීම හමුවේ 2026 වසර වනවිට 5.4% තිබෙන ශිෂ්‍ය කුලී නිවාස ප්‍රතිශතය 4.8% දක්වා පමණක් අඩු වන බවයි.

ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාවගෙන් වැඩි ප්‍රතිශතයක් වික්ටෝරියා ප්‍රාන්තය තුළ කුලී නිවැසියන් ලෙස ජීවත් වන අතර එම අගය 7% ක් පමණ වන බවයි සදහන් වී ඇත්තේ.

නිව් සවුත් වේල්ස් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල කුලී නිවැසියන් ලෙස ජීවත් වන ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණය 6% කට ආසන්න වන බව ද වාර්තා වනවා.

ශිෂ්‍ය නවාතැන් කවුන්සිලයේ (Student Accommodation Council) විධායක අධ්‍යක්ෂක Torie Brown විසින් ප්‍රකාශ කරන්නේ ශිෂ්‍ය වීසා සීමා කිරීම තුළින් ආර්ථිකයට බලපෑමක් ඇතිකරන නමුත් කුලී නිවාස වෙළදපොළ කෙරෙහි ඇතිකරනු ලබන්නේ ඉතාමත් සුළු බලපෑමක් වන බවයි.

සීමා පැනවීම වෙනුවට නිවාස සැපයුම වර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි Torie Brown විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්

විදෙස් ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රජය පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ විදේශ විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් ශක්තිමත්

Read More »

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »