Search

Social Media තුළ ජනප්‍රියම රටවල් අතර ඔස්ට්‍රේලියාවට ඉහලම තැනක්

සමාජ මාධ්‍ය තුළ ලොව වැඩිම ජනප්‍රියතාවක් ඇති රටවල් පිළිබඳ නවතම වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Time Out සඟරාව විසින් මේ පිළිබද වාර්තාවක් නිකුත් කර ඇති අතර Titan Travel ආයතනය විසින් 2021 වසරේ මැයි මාසයේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා කාලසීමාව තුළ Google සෙවුම් , Instagram සහ TikTok හි දත්ත විශ්ලේෂණය කරමින් සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇතිබවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රේණිගත කිරීමේ පලමු ස්ථානය හිමිවී ඇත්තේ ජපානයට වන අතර එහි දෙවන ස්ථානය ඉන්දියාවට හිමිව තිබීම ද විශේෂත්වයක්.

ලැයිස්තුවේ තෙවන හා සිව්වන සහ පස්වන ස්ථාන පිළිවෙලින් කැනඩාවට, ඉතාලියට සහ තුර්කියට හිමිව තිබීම ද කැපී පෙනෙනවා.

ඔස්ට්‍රේලියාවට මෙම ශ්‍රේණිගත කිරීමේදී හය වන ස්ථානය හිමිව තිබෙන අතර එමගින් පැහැදිලි වන්නේ ඔස්ට්‍රේලියාවට සමාජ මාධ්‍ය ජාලා තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිවී තිබෙන බවයි.

ලැයිස්තුවේ සෙසු ස්ථාන පිළිවෙලින් ප්‍රංශය, තායිලන්තය, ජර්මනීය සහ ස්පාඤ්ඤය හිමි කර ගෙන තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »