ඔස්ට්‍රේලියාවේ යෞවනයන් කොපමණ පැය ගණනක් සේවය කළත් ඔවුන්ගේ වැටුපට පරිභාහිරව Superannuation හිමිවිය යුතු බවට ඔස්ට්‍රේලියානු “Super Members Council” විසින් පෙන්නුම් කර තිබෙනවා.
ඔවුන්ගේ අධ්‍යයනයන්ට අනුව පෙනී යන්නේ ඔස්ට්‍රේලියාවේ සේවය කරන අවුරුදු 18 ට අඩු සේවකයන් විශ්‍රාම ගැනීමෙන් පසුව Superannuation හිමි වනවානම් එම මුදලට අමතරව තවත් ඩොලර් 10,000 ක මුදලක් ඔවුන්ට ඉතිරි වන බවයි.
වත්මන් නීති රෙගුලාසිවලට අනුව යොවුන් වියේ පසුවන සේවකයන්ට Superannuation ගෙවීම සිදුකරන්නේ ඔවුන් සතියකට පැය 30 කට වඩා සේවය කරන්නේ නම් පමණක් වීම ද විශේෂත්වයක්.
නමුත් “Super Fund Rest” හි ප්‍රධාන විධායක නිලධාරී Viki Doyle විසින් ප්‍රකාශ කර ඇත්තේ වයස් භේදයකින් තොරව සියලුම සේවකයන්ට Superannuation හිමිවිය යුතු බවයි.
වත්නම් නීති සාධාරණ නොවන බැවින් එම නීති වෙනස් විය යුතු බවයි Vike Doyle විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
වයස අවුරුදු 18 ට අඩු සේවකයන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් සතියකට පැය 30 කට වඩා අඩුවෙන් සේවය කරන නිසා ඔවුන්ට Superannuation හිමි නොවන බවයි සදහන් වන්නේ.