
සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන නීති විරෝධී දුම්කොළ වෙළදාමට එරෙහිව නව නීති සම්පාදනය කරමින් නීති කඩ කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පැනවීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වන බවට වාර්තා වනවා.
වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ප්‍රකාශ කර තිබුණේ මෙම නව නීති හරහා දුම්කොළ ව්‍යාපාර බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දෙන බවයි.
නව නීති සම්පාදනය කිරීම ඔස්සේ පොලීසියට ද පෙර පැවති සෝදිසි කිරීමේ බලතල වලට සාපේක්ෂව වැඩි බලතල ප්‍රමාණයක් හිමිවන අතර ඒ ඔස්සේ පහසුවෙන් හා ඉක්මනින් වැටලීම් කටයුතුවල නිරත වීමට හැකියාව ලැබෙන බවයි සදහන් වන්නේ.

දුම්කොළ බලපත්‍ර ක්‍රමවේදයේ පරිපාලන කටයුතු උදෙසා පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් සහිත දුම්කොළ නියමන ආයතනයක් (Tobacco Regulator) ස්ථාපිත කරන බවත් ඊට කඩ සාප්පු සෝදිසි කිරීම , බලපත්‍ර අහෝසි කිරීම සහ නීති විරෝධී භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ බලතල ලබාදෙන බව වැඩිදුරටත් සදහන්.
නව නීති කඩ කරන පුද්ගලයන්ට දැඩි දඩුවම්වලට මුහුණ දීමට සිදුවන බවද වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් විසින් ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.

නීති කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 35,000 කට වැඩි දඩයකට හෝ වසර 15 ක සිර දඩුවම්වලට යටත් වීමට සිදුවන බවත් නීති කඩ කරන දුම්කොළ ව්‍යාපාරවලට ඩොලර් මිලියන 1.7 ක දඩයක් ගෙවීමට සිදුවන බවත් එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.