
ජීවන වියදම පාලනය කර ගැනීම සදහා ඔස්ට්‍රේලියානුවන්ට උපකාරී වන නව App එකක් සිඩ්නි හීදී හදුන්වා දී තිබෙනවා.
“Too Good To Go” නම් මෙම App එක හරහා ඉවතලන ආහාර ප්‍රමාණය සහ මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකියාව ලැබෙන අතර දැනටමත් මෙය රටවල් 19 ක පමණ භාවිතා කරන බව සදහන්.
මේ හරහා අවන්හල්, Cafe සහ සිල්ල වෙළද සැල් වල ඇති අලෙවි නොවී අතිරික්තයක් සහිත ආහාර පාන සදහා ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම සිදුකරනු ලබන බව සදහන්.

Harris Farm සුපිරි වෙළද සැල්, Bakers’s Delight සහ Sushi Sushi වෙළද ජාලය මෙම App එක හරහා ලියාපදිංචි වූ පලමු සමාගම් කිහිපය බවයි වාර්තා වන්නේ.
මෙහි “Surprise Bag” නම් ක්‍රමවේදයක් පවතින අතර ඒ ඔස්සේ අතිරික්තයක් සහිත ආහාර ද්‍රව්‍ය ආදිය නිශ්චිත කාලසීමාවක් තුළ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වනවා.

ඔස්ට්‍රේලියාවේ Too Good Too Go හි අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන Joost Rietveld පැවසුවේ 2030 වසර වනවිට ඔස්ට්‍රේලියාවේ ආහාර නහස්තියෙන් අඩක් අවම කිරීමේ වැඩපිළිවල උදෙසා මෙය වැදගත් සංධිස්ථානයක් වනු ඇති බවයි.