Search

මෙවර නත්තල සැමරීමට ලොව සුදුසුම නගර අතරට ඔස්ට්‍රේලියාවේ නගරයක්

2024 වසරේ නත්තල සැමරීම සදහා ලොව වඩාත් සුදුසුම නගර අතරට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය නම් කර තිබෙනවා.

Timeout සගරාව විසින් ඒ පිළිබද නවතම වාර්තාවක් නිකුත් කර ඇති අතර ලොව පුරා නත්තල සැමරීමට සුදානම් සංචාරකයින්ගෙන් ලබාගත් දත්ත අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබීම විශේෂත්වයක්.

තවද 2024 වසරේ නත්තල සැමරීම සදහා ලොව හොදම නගරය ලෙස නම් කර ඇත්තේ ඇමරිකාවේ නිව්යෝක් නගරය වන අතර දෙවන ස්ථානයට නම් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලංඩන් නගරයයි.

තුන්වන ස්ථානයට ඩෙන්මාකයේ Copenhagen නගරය නම් කර තිබෙනවා.

සෑම වසරකම වඩාත් ආකර්ෂණීය මෙන්ම සිතැදගන්නා සුලු කාලය නත්තල් සමය වන අතර ඒ විචිත්‍රවත්බව අත්දැකීම සදහා සංචාරකයින් විවිධ ගමනාන්තයන් සොයාගනු ලබනවා.

ඒ අනුව 2024 වසරේ නත්තල සැමරීම සදහා ලොව සුදුසුම නගර අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට හිමිව ඇත්තේ 10වන ස්ථානයයි.

නත්තල් සමයේ සිඩ්නිහි දේශගුණික තත්වය සහ නත්තල් අසිරිය හේතුවෙන් සිඩ්නි නගරය 10වන ස්ථානයට නම් කර තිබෙනවා.

  1. Lapland, Finland
  2. Edinburgh, Scotland
  3. Phuket, Thailand
  4. Reykjavik, Iceland
  5. Caracas, Venezuela
  6. Bruges, Belgium
  7. Sydney, Australia

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »