Search

ශ්‍රී  ලංකාවේ මහ මැතිවරණ ප්‍රතිඵල විකාශය ඔස්ට්‍රේලියාවේ සිට සජීවීව

ශ්‍රී  ලංකාවේ 2024 මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵල විකාශය සජීවීව ඔබ වෙත ගෙන ඒමට AusLanka TV මාධ්‍ය ආයතනය කටයුතු සැලසුම් කර තිබෙනවා.

AusLanka TV සහ AusLanka රේඩියෝ නාලිකා ඔස්සේ ශ්‍රී ලංකාවේ උණුසුම් වන ඡන්ද ප්‍රතිඵල ඔබ වෙත ලබාදීමට මේවන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.

නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් AusLanka TV facebook, AusLanka TV YouTube, AusLanka Live app එක මගින් මෙන්ම AusLanka TV වෙබ් අඩවිය ඔස්සේ ද නිල ප්‍රතිඵල ලද සැණින් ඔබට ලබාදීමට අප සූදානම්.

විදෙස් රටක සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළමු වරට ජනාධිපතිවරණය ප්‍රතිඵල විකාශයක් සිදු කිරීමට AusLankaTv පසුගිය සැප්තැම්බර් 21 වනදා කටයුතු සිදුකළා.

එවැනිම අත්දැකීමක් මෙවර මහ මැතිවරණයේ දි ලබාදීමට සුදානම් අතර මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලය මගින් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කළ සැනින් එම තොරතුරු ඔබ වෙතට ලබාදීමට AusLanka TV මාධ්‍ය ජාලය කටයුතු සූදානම් කර තිබෙනවා.

මහ මැතිවරණ ඡන්ද විමසීම ලබන 14 වනදා පැවැත්වෙන අතර එය අවසන් වූ අවස්ථාවේ සිට ඡන්ද ගණනය ආරම්භයේ සිට අවසානය දක්වාම සියලු තොරතුරු සජීවීව ඔබ වෙත ලබාදීමට අප සූදානම්.

මෙම මැතිවරණ ප්‍රතිඵල විශේෂ විකාශය සඳහා Sapling Lawyers, Makray Homes, Isha care and beauty, Mortgage Premiers සහ Kopi Kade, Onaro Online, Meta Tax , Wattle Healthcare, Sahanro Ayurvedic යන ආයතන අප සමග අනුග්‍රාහක දායකත්වයෙන් එක් වනවා.