
මාස තුනක පමණ කාලයක් ඇතුලත දෙවන වරටත් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මස්වෙල්බෲක් ප්‍රදේශයේ පතලක් ආසන්නයෙන් ප්‍රබල භූ චලනයක් වාර්තා වී තිබෙනවා.
අද පස්වරු 1.12ට වාර්තා වූ මෙම කම්පනයේ ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රිච්ටර් මාපකයේ එකක 4.1ක් ලෙසටයි.
ඔස්ට්‍රේලියා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව භූ කම්පනයේ අපකේන්ද්‍රය සටහන් වී ඇත්තේ එඩර්ටන් ආසන්නයේ ගල් අඟුරු පතලට යටින් බව සඳහන්.

භූමිකම්පාව කිලෝමීටර් 3ක් පමණ ගැඹුරක සිදු වූ අතර භූකම්පනයේ කේන්ද්‍රයට උතුරු සහ දකුණු ප්‍රදේශවල සිටි පුද්ගලයින් 400කට ආසන්න පිරිසකට දනී ඇති බව භූ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළා.
නිව්කාසල් සහ සිංගල්ටන් හි පදිංචිකරුවන් පැවසුවේ සිඩ්නි අවට ඇතැම් ජනතාවට මෙන්ම තමන්ට ද භූමිකම්පාව දැනුණු බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී රික්ටර් මාපකයේ 4.5 ක භූමිකම්පාවකින් මෙම පතලට බලපෑම් එල්ලවීමත් සමඟ මෙම වසරේ කලාපයට දැනුණු තුන්වන භූමිකම්පාව මෙයයි.
එමෙන්ම තවත් භූ කම්පනයක් පසුගිය අගෝස්තු මාසයේදී ඩෙන්මන් ප්‍රදේශයේ පතලක් ආසන්නයේ සිදුවී තිබුණා.