
ජීවන වියදම හමුවේ පීඩා විදින බොහෝ ඔස්ට්‍රේලියානුවන් Black Friday භාණ්ඩ සහ සේවා ලබා ගැනීමට මුදල් එකතු කරමින් සිටින බව නවතම අධ්‍යනයක දී අනාවරණය වී තිබෙනවා.
ING බැංකුව විසින් කරන ලද අධ්‍යනයකට අනුව ඔස්ට්‍රේලියානුවන් මෙම වසරේ ඩොලර් මිලියන 675ක මුදලල් වැය කිරීමට සුදානම් බවයි වාර්තා වන්නේ.
මෙම මිලදී ගැනීම් අතර වැසිකිළි කඩදාසි, ස්පොන්ජ් සහ පිගන් සෝදන ද්‍රව්‍ය සදහා ප්‍රමුඛතාවක් දෙනු ඇති බව සදහන්.

තවද අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ සදහා ඇති ඉල්ලුම වසරින් වසර සියයට 10කින් ඉහළ ගොස් ඇති අතර සාමාන්‍යයෙන් ඩොලර් 184ක් පමණ වැය කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වනවා.
ING හි පාරිභෝගික සහ වෙළඳපල බුද්ධි ප්‍රධානී Matt Bowen පවසන්නේ ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ Black Friday වියදම් සම්බන්ධයෙන් “බුද්ධිමත්” වන බවයි.

විශේෂයෙන් මෙවැනි පර්යේෂණ මගින් ඔස්ට්‍රේලියානුවන්ට තම Black Friday මිලදී ගැනීම් සදහා වැඩි අවබෝධයක් ලැබෙන අතර මුදල් වැය කිරීමට සූක්ෂම වන ආකාරය ගැනද මනෝභවයන් නිර්මාණය කර ගත හැකි බවයි.
ජිවන වියදම හමුවේ නත්තල් තෑගි මිලදී ගැනීමට ද Black Friday වට්ටම් වෙත ඔස්ට්‍රේලියානුවන් වැඩි නැඹුරුතාවක් දක්වන බව සදහන්.