Search

වසර 25 කට පසු වික්ටෝරියා පොලීසිය පළමු වරට තීරණයක් ගනී

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් වසර 25කට පසු පළමු වරට රැකියාවෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ප්‍රමාණවත් වැටුප් සහ සේවා කොන්දේසි යන ඉල්ලීම් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම අරගලයේ නිරත වන්නේ .

පොලිස් සංගමයේ ලේකම් වේන් ගැට් පැවසුවේ ලබන බ්‍රහස්පතින්දා බ්‍රෝඩ්මීඩෝස් ඇතුළු ස්ථාන ගණනාවක පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් වන බවයි.

තම සාමාජිකයින් ද මූල්‍යමය වශයෙන් අරගලයක නිරත වන අතර ඔවුන්ට ඇති පීඩනය හේතුවෙන් රැකියා ස්ථානයේ අරගල කරන බවයි වේන් ගැට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

පොලිසිය මෙම පියවර ගෙන ඇත්තේ සියයට තුනක වැටුප් වැඩිවීමක් සහ දින නවයේ රැකියා දෙසතියක් ගෙන ඒමට රජය කළ යෝජනා ප්‍රතික්ෂේප කර මාස දෙකක පමණ කාලයකට පසුවයි.

සැප්තැම්බර් මාසයේදී හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් රජයෙන් ලැබුණු වසර හතරක් තුළ සියයට 28.4 ක වැටුප් වැඩිවීම පිළිගෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත් වුණා.

යෝජිත වර්ජන ක්‍රියාමාර්ගය යටතේ පොලිසිය විනාඩි 30කට සේවාවලින් ඉවත් වන අතර එම කාලය තුල හදිසි ඇමතුමක් ලැබුණ හොත් ඊට ප්‍රතිචාර දක්වන බවයි පොලිස් සංගමයේ ලේකම්වරයා කියාසිටියේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »