Search

ඔස්ට්‍රේලියාවේ තරුණයින් අසතුටු වෙද්දි ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් අසතුටින්

ලෝව තරුණ සහ වැඩිහිටි ජනතාව අතර සතුටින් සිටින්නන් පිළිබද නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ලොව වැඩිහිටි පිරිසට සාපේක්ෂව තරුණ පිරිසගේ සතුට පහළ මට්ටමක පවතින බව එම අධ්‍යනයේදි අනාවරණය වි තිබෙනවා.

World of Statistics වෙබ් අඩවිය විසින් මෙම වාර්තාව නිකුත් කර තිබෙන අතර ලොව තරුණ හා මහලු ජනතාව අතර සතුටේ විශාලතම හිඩැස් ඇති බවයි තහවුරු වී ඇත්තේ.

ලොව තරුණ සහ වැඩිහිටි ප්‍රජාව අතර සතුටෙහි වැඩිම පරතරයක් ඇත්තේ මොරිෂස් දූපතේ වන අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ලෝක බලවතෙක් වන ඇමරිකා එක්සත් ජනපදය වීම ද විශේෂත්වයක්.

මෙලෙස තරුණ සහ වැඩිහිටි පිරිස් අතර සතුටෙහි වැඩි හිඩෙසක් සංවර්ධිත රාජ්‍යන් වලින් පෙන්නුම් කිරීම කාගේත් අවදානය යොමුවනවා.

එම ශ්‍රේණිගත කිරීමේ කැනඩාවට හිමිවන්නේ තෙවන ස්ථානයට වන අතර උස්බෙකිස්තානය 4වන ස්ථානයත් චීනය සහ ජපානය පහ සහ හය වන ස්ථානයට පත්ව තිබෙනවා.

මෙම රාජ්‍යයන්හි තරුණ ප්‍රජාවට සාපේක්ෂව වැඩිහිටියන් සතුටින් සිටින අතර එම ශ්‍රේණිගත කිරීමේ ඔස්ට්‍රේලියාව ඇත්තේ පහළ අගයක වීම විශේෂත්වයක්.

අනෙක් සංවර්ධිත රාජ්‍යයන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ තරුණ සහ වැඩිහිටි ප්‍රජාවගේ සතුටෙහි විශාල පරතරයක් නොමැති අතර රටවල් 143කින් ඔස්ට්‍රේලියාවට හිමිවන්නේ 38 වන ස්ථානයයි.

YOUTH are less happy than the ELDERLY

  1. Mauritius
  2. U.S.
  3. Canada
  4. Uzbekistan
  5. China
  6. Japan
  7. Mongolia
  8. Algeria l
  9. Libya
  10. Singapore
  11. Kazakhstan E
  12. Philippines

38. Australia

නමුත් ශ්‍රී ලංකාවේ මේ තත්වය වෙනස් වන අතර ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ තරුණ ප්‍රජාවට සාපේක්ෂව වැඩිහිටි ප්‍රජාව අසතුටින් සිටින රටවල් අතරයි.

වැඩිහිටි ප්‍රජාව අසතුටින් සිටින රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවන්නේ 17 වන ස්ථානයයි.

ELDERLY are less happy than the YOUTH

ranking:

  1. Iceland
  2.  Switzerland
  3.   Cameroon
  4.   Togo
  5. Honduras
  6. Gambia
  7. Benin
  8. Eswatini
  9. Austria
  10. Comoros
  11. Vietnam
  12. Greece
  13. Indonesia
  14. Mozambique
  15. Ghana
  16. Iraq
  17. Sri Lanka

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »