Search

Coles – Woolworth පමණක් නොව Aldi ගැනද විමර්ශනයක්

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම (ACCC) විසින් ජර්මානු සුපිරි වෙළදසැල් ජාලයක් වන “Aldi” සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු සිදුකර ඇති බවට වාර්තා වනවා.

Coles සහ Woolworths සුපිරි වෙළදසැල් ජාලවලට සාපේක්ෂව Aldi සුපිරි වෙළදසැල් ජාලයේ භාණ්ඩ මිලෙහි අඩුවක් පවතින බවත් එයට හේතුව වන්නේ සුපිරි වෙළදසැල් කුඩා වීම , සේවකයන් අඩු සංඛ්‍යාව සිටීම සහ අඩු නිෂ්පාදන ප්‍රමාණයක් වෙළදසැල්වල පැවතීමයි.

Aldi සුපිරි වෙළදසැල්වල රාක්කවල භාණ්ඩ වර්ග 1800 ක් පමණක් තිබෙන බවත් Coles සහ Woolworths සුපිරි වෙළදසැල්වල රාක්කවල භාණ්ඩ වර්ග 20,000 ක් හෝ 25,000 ක් පමණ තිබෙන බවත් Aldi සුපිරි වෙළදසැල් ජාලය විසින් සදහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම (ACCC) විසින් සිදුකළ පරීක්ෂණයේදී සදහන් කර ඇත්තේ Aldi සතුව සරල ව්‍යාපාරික ආකෘතියක් පවතින නිසා Coles සහ Woolworths යන සුපිරි වෙළදසැල් ජාලවලට සාපේක්ෂව Aldi හි භාණ්ඩ මිල අඩු වීමට ප්‍රධාන සාධකයක් වී ඇති බවයි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම (ACCC) විසින් ඉදිරි සති දෙකක කාලය තුළදී Aldi, Metcash, Coles සහ Woolworths යන ආයතනවල ප්‍රධානීන්ගෙන් භාණ්ඩවල මිල නියම කිරීමේ ක්‍රමවේදය සම්බන්ධව ප්‍රශ්න කිරීමට නියමිත බවද සදහන් කර තිබීම විශේෂත්වයක්.

ඉදිරි වසරේ පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේයානු පාරිභෝගික කොමිසම (ACCC) විසින් සුපිරි වෙළදසැල් ජාලා පාරිභෝගිකයන්ගෙන් වැඩි මුදලක් අය කරනවාද? එලෙස අය කර ගන්නේ කෙසේද? යන කරුණු පැහැදිලි කරමින් ෆෙඩරල් රජයට අවසන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.