Search

වික්ටෝරියා ප්‍රාන්තයේ රැකියා පුරප්පාඩු ලක්ෂ 58 ක්

ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යංශය (ABS) විසින් එක් එක් ප්‍රාන්තවල පවතින රැකියා ප්‍රමාණය සහ එම රැකියාවල ආදායම් තත්වය පිළිබදව දත්ත ඇතුලත් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එම වාර්තාවට අනුව වික්ටෝරියා ප්‍රාන්තය තුළ මිලියන 5.8 කට ආසන්න රැකියා අවස්ථා ප්‍රමාණයක් පවතින බව සදහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම රැකියා ප්‍රමාණයක් පවතින කලාපය වශයෙන් Casey ප්‍රදේශය වාර්තගත වී ඇති අතර එම අගය 331,657 ක් පමණ වන බවයි දක්වා ඇත්තේ.

මීට අමතරව වික්ටෝරියා ප්‍රාන්තයේ Wyndhum ප්‍රදේශය තුළ පවතින රැකියා ප්‍රමාණය 282,216 ක් පමණ වන අතර Greater Geelong හි පවතින රැකියා ප්‍රමාණය 236,532 ක් බව ද සදහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින රැකියාවල වාර්ෂික මධ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් ද මෙම වාර්තාවේ තොරතුරු ඇතුලත්ව තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ Yarra ප්‍රදේශයේ රැකියාවල වාර්ෂික මධ්‍ය සේවක වැටුප ඩොලර් 61,496 ක් ලෙස සටහන් වී ඇති අතර Port Phillip හි එම අගය ඩොලර් 58,910 ක් ලෙස සටහන් ව තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Sotonnington ප්‍රදේශයේ රැකියාවල වාර්ෂික මධ්‍ය සේවක වැටුප ඩොලර් 58,217 ක් ලෙස සටහන් වී තිබෙන පසුබිමක Hobsons Bay හි වාර්ෂික මධ්‍ය සේවක වැටුප සටහන් වී ඇත්තේ ඩොලර් 55,831 ක් ලෙසයි.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »