
Vauclise හි Queens Avenue 10 හි පිහිටි සුඛෝපභෝගී නිදන කාමර 4 කින් සමන්විත අධික වටිනාකමකින් යුත් “Sydney Harbour Mansion” ඩොලර් මිලියන 26 කට අලෙවි කර ඇති බව වාර්තා වනවා.
මින් පෙර මෙම සුඛෝපභෝගී නිවස සතියකට ඩොලර් 7000 ක කුලී පදනම මත ලබාදී තිබීමද විශේෂත්වයක්.
මෙම නිවස පිහිටා ඇති වීදිය ඔස්ට්‍රේලියාවේ මිල අධිකම නිවාස පිහිටි වීදි වලින් එකක් වන අතර අදාල ප්‍රදේශයේ මධ්‍ය නිවසක සාමාන්‍ය මිල ඩොලර් මිලියන 7.9 ක් වැනි ඉහල අගයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

අදාල නිවසට සිඩ්නි වරාය වඩාත් හොදින් දර්ශනය වීම නිසා එහි වටිනාකම ඉතා ඉහල අගයක් ගන්නා බවයි සදහන් වන්නේ.
සුඛෝපභෝගී මෝටර් රථ 5 ක් ගාල් කිරීම සදහා මෙම නිවසේ ඉඩකඩ පවතින අතර නිවසේ සිට ඉතාමත් පහසුවෙන් Queen වෙරළ තීරයට සහ Milk වෙරල තීරයට ළගාවීමේ හැකියාව පවතිනවා.

X Pace Design Group විසින් නිර්මාණය කර ඇති මෙම නිවසේ විවේකීව කාලය ගත කිරීමට අවශ්‍ය ස්ථාන, චිත්‍රපට නැරඹීමේ අවකාශය ඇති සුඛෝපභෝගී නැරඹුම් ස්ථානයක්, සාද පැවැත්වීම සදහා ස්ථාන, ඉහල වටිනාකමකින් යුත් මුළුතැන්ගෙයක් ඇතුලු තවත් බොහෝ දේ ඇතුලත්ව තිබෙන බවට වාර්තා වනවා.