
ඉදිරි දින කිහිපයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට ගිගුරුම් සහිත වැසි මෙන්ම Heatwaves සහිත කාලගුණයකට මුහුණ දීමට සිදුවන බවට වාර්තා වනවා.
ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට කුණාටු තත්වයන් සහ Heatwaves ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් අනතුරු අඟවා තිබෙනවා.
Charleville ප්‍රදේශයට නැගෙනහිරින් පිහිටි ක්වීන්ස්ලන්ඩ් හි දකුණේ පිහිටි ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන්.

උෂ්ණත්වය ඉහලයෑම හේතුවෙන් Cape අර්ධද්වීපයේ ඇතැම් ප්‍රදේශවලට සෞඛ්‍ය අවදාමක් පවතින බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල පවතින කුණාටු තත්වය හේතුවෙන් අකුණු ගැසීම් (Lightning Strikes) විශාල වශයෙන් සිදුව තිබෙන බවට වාර්තා වනවා.

මෙම කුණාටු තත්වය හේතුවෙන් Uluru සිට කිලෝමීටර් 800 ක් ඇතුළත කලාපයේ අකුණු ගැසීම් (Lightning Strikes) 719,068 ක් පමණ ඇතිවී තිබෙන බවට සදහන්.