Search

ලොව දුගඳම මලක පිපීම බලන්න අතිවිශාල ජනකායක් Geelong වෙත

“Corepse Flower” නමින් හදුන්වන දුර්ගන්ධයක් හමන දුර්ලභ පුෂ්පයක් Geelong ප්‍රදේශයේදී පිපීමට ආසන්න බවට වාර්තා වනවා.

Amorphophallus titanum යන නාමයෙන් හදුන්වන මෙම ශාකයේ පුෂ්පයක් පිපෙන්නේ වසර 10 කට වරක් පමණක් බවයි සදහන් වන්නේ.

මෙම පුෂ්පය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබීම හේතුවෙන් Geelong උද්භිද උද්‍යානය පැය 24 පුරාම විවෘතව පවතින බවයි වාර්තා වන්නේ.

මෙම අපූර්ව සිදුවීම නැරඹීමට Geelong වෙත පැමිණීමට නොහැකි පුද්ගලයන් සදහා මාර්ගගත (Onilne) ක්‍රමවේදය ඔස්සේ සජීවී විකාශයක් සිදුකරන අතර දැනටමත් එම සජීවී විකාශය විශාල පිරිසක් නරඹන බව සදහන් වනවා.

මෙම දුර්ලභ මල පිපෙන විට කුණු වූ මාංශවලට සමාන දුර්ගන්ධයක් හමන බවට වාර්තා වන අතර එම සුවද මගින් පරාග වාහකයන්ව මල වෙත ආකර්ෂණය කරගැනීම සිදුකරනු ලබනවා.

මෙම ශාකය මේ වනවිට වඳවී යාමේ තර්ජනයකට ලක්ව තිබෙන බවද වැඩිදුරටත් සදහන්.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »