Search

රට යන්න කලින් කළ යුතු දෙයක් ගැන ඔස්ට්‍රේලියා අලුත් Passport ලාභීන්ට විශේෂ දැනුම් දීමක්

ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභියෙකු හෝ අයදුම්කරුවෙකු නම් ඔස්ට්‍රේලියාවට හෝ ඉන් පිටතට යාමට පෙර ඔබට නව විදේශ ගමන් බලපත්‍රයක් තිබේදැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුය දැනුවත් කළ යුතු බව නිවේදනය කර තිබෙනවා.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ එසේ දැනුම් දීමෙන් ඔබගේ නව විදේශ ගමන් බලපත්‍රය ඔබගේ වීසා බලපත්‍රය හෝ අයදුම්පත්‍රයට එය සම්බන්ද කළ හැකි බවයි.

ඔබගේ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රය ලබා දීමෙන් පසු ඔබට නව විදේශ ගමන් බලපත්‍රයක් ලැබී ඇත්නම් ඔබේ තොරතුරු අදාළ පද්ධතියට ඇතුලත් වන බව වැඩිදුරටත් සඳහන්.

සංචාරය කිරීමට පෙර මෙය නොකරන්නේ නම් ඔබට යළි ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ කිරීමේදී ප්‍රමාදයන් අත්විඳිය හැකි බව වැඩිදුරටත් දන්වා තිබෙනවා.

මෙය සියලුම ඕස්ට්‍රේලියානු වීසා හිමියන්ට සහ අයදුම්කරුවන්ට අදාළ වන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

ඔබ විදේශයක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ නම් හෝ ඔබ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකු වුවද මෙම නව ක්‍රමවේදයට යටත්විය යුතු බව සඳහන්.

ඔබගේ ImmiAccount වෙත ප්‍රවේශ වීමෙන් විදේශ ගමන් බලපත්‍ර විස්තර පහසුවෙන් යාවත්කාලීන කළ හැකි අතර බොහෝ යාවත්කාලීන කිරීම් ක්ෂණිකව සිදු කෙරෙන බව දැනුම් දෙනවා.

මෙය ඔබගේ විදේශ ගමන් සැලසුම් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ සලසන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

වැඩිදුර තොරතුරු සදහා https://immi.homeaffairs.gov.au/change-in-situation/passport-details

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »