Search

COVID 19 හමුවේ ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය ගැන වෙනස්ම අනාවරණයක්

COVID 19 වසංගත තත්වය හමුවේ ඔස්ට්‍රේලියානු සිසුන්ට දීර්ඝ කාලයක් දුරස්ථ අධ්‍යාපනයක් ලැබීමට සිදු වුවද එම කාලසීමාවේදී ඔවුන් අධ්‍යයන කටයුතු සාර්ථකව සිදු කරගෙන ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

සිඩ්නි විශ්ව විද්‍යාලය සහ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය එක්ව සිදුකරන ලද මෙම අධ්‍යනයේදී ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත ආවරණය වන පරිදි NAPLAN පරීක්ෂණ ප්‍රතිඵල විශ්ලේෂණය සිදුකර තිබෙන බව සදහන්.

2020 සහ 2021 අතර කාලයේදී වරින් වර පාසල් වසා දැමීමෙන් පසුව ඇරඹී දුරස්ථ අධ්‍යාපන කටයුතුවලදී සිසුන්ගේ අධ්‍යයන ක්‍රියාකාරීත්වයේ සිදුවූ වෙනස්කම් පිළිබදව මෙම පර්යේෂණය ඔස්සේ අධ්‍යයනය කර තිබෙනවා.

NAPLN පර්යේෂණ ප්‍රතිඵලවලින් හෙළිවී ඇත්තේ දීර්ඝ කාලයක් දුරස්ථ අධ්‍යයන කටයුතු නිරත වූ පාසල්වල සිසුන්ට සාපේක්ෂව කෙටි කාල සීමාවකට වසා දැමූ පාසල්වල සිසුන්ගේ ක්‍රියාකාරීත්වය සමාන බවයි.

විවිධ සමාජ – ආර්ථික මට්ටම් නියෝජනය කරන සිසුන් ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට සිදුකරගෙන ගොස් ඇති බවට මෙම අධ්‍යයනය ඔස්සේ තහවුරු වී තිබෙනවා.

ඔස්ට්‍රේලියා රජය විසින් COVID 19 කාලසීමාව හමුවේ ක්‍රියාත්මක කරන ලද දැඩි නීති රීති වසංගතය හමුවේ අධ්‍යාපන ක්‍රියාවලියට එල්ල වූ අයහපත් බලපෑම අවම කර තිබෙන බව පර්යේෂණ ප්‍රතිඵලවලින් අනාවරණය වී තිබෙන බව වාර්තා වනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »