Search

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබගේ ආයු අපේක්ෂාව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙයි

අඛණ්ඩව දෙවන වසරටත් ඔස්ට්‍රේලියානු ජනතාවගේ ආයු අපේක්ෂාව සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. 

 

ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) දත්ත අනාවරණය කළේ 2021 වසරේ සිට 2023 වසර දක්වා ඔස්ට්‍රේලියාවේ උපත ලබන පිරිමි ළමයෙකු සාමාන්‍යයෙන් අවුරුදු 81.1ක් දක්වා සහ ගැහැණු ළමයෙකු අවුරුදු 85.1ක් දක්වා ජීවත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

 

ආයු අපේක්ෂාව සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කළ ද ඔස්ට්‍රේලියානුවන් තවමත් නවසීලන්තය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළු බොහෝ රටවලට වඩා ඉහළ ආයු අපේක්ෂාවක් ඇති බව කාර්යාංශයේ ජන සංඛ්‍යාලේඛන ප්‍රධානී Beidar Cho ප්‍රකාශ කළා.

 

2021 සිට 2023 දක්වා කාලය තුළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය  දක්වන්නේ 15,982ක් ලෙසටයි. 

 

මෙම කාලය තුළ පිරිමින් සඳහා ආයු අපේක්ෂාව වසර 0.1 කින් සහ කාන්තාවන් සඳහා අවුරුදු 0.2 කින් පහත වැටී ඇති බව සඳහන්.

 

මේ වන විට 60 හැවිරිදි ඔස්ට්‍රේලියානු පිරිමි පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් තවත් වසර 24.2 ක් සහ කාන්තාවක් සාමාන්‍යයෙන් තවත් අවුරුදු 27.1 ක් ජීවත් වීමට අපේක්ෂා කළ හැකි බවයි නව දත්ත මගින් අනාවරණ වී ඇත්තේ. 

 

එමෙන්ම මෙම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇති තවත් කරුණක් වන්නේ පුද්ගලයෙකුගේ නිවස, ප්‍රාන්තය හෝ ප්‍රදේශය ද ඔවුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බවයි.

 

කැන්බරා අගනුවර ප්‍රදේශයේ පිරිමි අයෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 81.7 ක්, බටහිර ඔස්ට්‍රේලියාවේ අවුරුදු 81.6 ක් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරුදු 81.5ක් ලෙසට සටහන් වී තිබෙනවා.

 

කැන්බරා අගනුවර සහ බටහිර ඔස්ට්‍රේලියාවේ වැඩිම කාන්තා ආයු අපේක්ෂාව අවුරුදු 85.7 ක් වූ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරුදු 85.4 ක් සහ නිව් සවුත් වේල්ස් අවුරුදු 85.2ක් බව සඳහන්.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »