මෙල්බන් හි නිවාස මිල යළිත් තරගකාරි මට්ටමට පැමිණ ඇති බව Domain වාර්තා මගින් අනාවරණය වී තිබෙනවා.
නව වාර්තා අනුව ඔක්තෝබර් මස වන විට මෙල්බන් හි නිවාස මිල යළිත් සියයට 3.4කින් ඉහළ ගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දී ඇත්තේ.
පසුගිය වසර 5ට සාපේක්ෂව ග්‍රේට මෙල්බන්හි නිවාස මිල සියයට 13කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
CoreLogic පර්යේෂණ ප්‍රධානී Eliza Owen සඳහන් කළේ මෙම දත්ත නව නිවාස ගැනුම්කරුවන්ට නිවසක් මිලදී ගැනීමට පහසු වුවත් ජීවන වියදම ඊට බලපෑම් කරන බවයි.
තවද මෙල්බන්හි නගරාසන්න නිවාස හිමිකරුවන් බොහෝමයක් මෙම තරගකාරී මිල ගණන් හේතුවෙන් තම නිවාස විකිණීම සඳහා සුදානම් වන බවයි වාර්තා වන්නේ.
දැනට මෙල්බන්හි නිවාස ගැණුම් කරුවන් සදහා නිවාස රැසක් පැවතියද මිල ගණන් පැවති සාමාන්‍යය අගය ඉක්මවා යන බව අනාවරණය වනවා.
මෙතෙක් ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි මිලට නිවාස ලබා ගත හැකි ප්‍රධාන නගර අතර මෙල්බන් ඉදිරියෙන් සිටියද ඉදිරියේදි එම තත්වය වෙනස් වේ යැයි නිවාර වෙළදාම් ක්ෂ්‍රේත්‍ර ප්‍රධානීන් පවසනවා.