Search

11.11 අද ඔස්ට්‍රේලියානුවන්ට වැදගත් වන්නේ ඇයි?

යුධ ගැටුම් සහ සාම සාධක මෙහෙයුම්වල යෙදී සිටියදී මියගිය සොල්දාදුවන්ට ගෞරව දැක්වීම සඳහා වූ ඔස්ට්‍රේලියානු අනුස්මරණ දිනය අදයි.

ඔස්ට්‍රේලියානුවන් 60,000කට පමණ ජීවිත අහිමුවූ වූ පළමු ලෝක සංග්‍රාමය අවසන් කිරීම සඳහා සටන් විරාමය අත්සන් කර අදට වසර 106ක් සපිරෙනවා.

1918 වසරේ  11 වන මාසයේ 11 වන දින 11 වන පැය සනිටුහන් කරමින් අද පෙරවරු 11 ට මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නොයෙක් ස්ථාන වල සැමරුම් සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෙහි ප්‍රධාන උත්සවය කැන්බරා හි පැවති අතර ඒ සදහා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, ආණ්ඩුකාර ජෙනරාල් සෑම් මොස්ටින් යන අය සහභාගි වුණා.

මෙල්බන් හි Shrine of Remembrance ස්මාරකය සදා අදට වසර 90ක් සපිරෙන අතර දහස් ගණන් වික්ටෝරියානුවන් අද උදෑසන අනුස්මරණ දිනය සැමරීම සදහා එක්ව ඇති බව සදහන්.

රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම් ද මේ සදහා එක්ව සිටි අතර මියගිය විරුවන් සැමරීම මෙහිදි සිදුවුණා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »