Search

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය උදෑසන ආහාරයක් ‍යළි කැඳවයි

NSW ප්‍රාන්තය පුරා ඇති ආපනශාලාවල අලෙවි කරන ජනප්‍රිය උදෑසන ආහාර ද්‍රව්‍යයක් නැවත කැඳවා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ආහාර ප්‍රමිති ආයතනය විසින් සදහන් කර ඇත්තේ Tropical Brazil Pty Ltd යන ආයතනය විසින් නිශ්පාදනය කෙරෙන මෙම Acai නිශ්පාදන අනුභව කිරීම අනාරක්ෂිත බවයි.

එම ආහාර Salmonella නම් බැක්ටිරියාව සමග ආසාදනය වී ඇති බැවින් එය අනුභව කිරිම නුසුදුසු බවයි.

මෙලෙස නැවත කැදවන අයිතම අතර

Acai Cream 20g , Granola 70g/200ml

Acai Guarana 1.7kg/2L, 3.6kg, 595g/700ml

යන නිශ්පාදන ඇතුළත්.

නිෂ්පාදන දෙකම Lot 302 ලෙස සලකුණු කර ඇති අතර කල් ඉකුත්වීමේ දිනය 2026 අගෝස්තු 1 වැනි දින ලෙස සදහන් කර තිබෙනවා.

දැනටමත් මෙම නිශ්පාදන මිලදී ගෙන ඇති පාරිභෝගිකයින් සිටී නම් එම නිශ්පාදන මිලදී ගත් වෙළදසැලටම භාර දී අදාළ මුදල් ලබා ගන්නා ලෙසට දැනුම් දෙනවා.