Search

දෙවන T20 තරගයෙන් සිංහයන් පරදා නවසීලන්තයට ජය

දඹුල්ලේ දී අද (10) අවසන් වූ දෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

තරග 2-0ක තරගාවලි ජයක් තහවුරු කරගැනීමට අවස්ථාව හිමිව තිබූ ශ්‍රී ලංකාවට, තරග 1-1ක් ලෙස අවසන් කරගැනීමට සිදුවුණා.

අද තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූවානම්, නවසීලන්තයට එරෙහිව වසර 11කට පසු විස්සයි20 තරගාවලියක් ජයගැනීමට හැකිවනවා.

අවසන්වරට ඔවුන් නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජයගෙන සිටියේ 2013 වසරේදී ඒ ශ්‍රී ලංකාවේදීම සිදුවීමද විශේෂත්වයක්.

ඒ හැරෙන්න එම තරගාවලියෙන් අනතුරුව නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත් වූ සෑම තරගාවලියක්ම (තරගාවලි 4) ජයගැනීමට සමත් වූයේ නවසීලන්තය යි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 108ක් රැස්කිරීමට සමත් වුණා.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 103ක් පමණයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »