
මෑතකාලීනව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති සංක්‍රමණික ප්‍රජාවේ යම් ඉහලයෑමක් සිදුවී ඇති බවට වාර්තා වනවා.
භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් කෙනඩි ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි වසර දෙකක කාලය තුළ සිදුවන විදේශ සංක්‍රමණ භාණ්ඩාගාර දෙපර්තමේන්තුවේ අනුමානවලට වඩා වැඩි අගයක් ගන්නා බවයි.
නවසීලන්ත ජාතිකයන් රැකියා අවස්ථා සදහා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම ද මීට හේතුවක් බවට පත්ව ඇති බව සදහන්.

ඔස්ට්‍රේලියාව පැමිණෙන සංක්‍රමණිකයන් නැවත මව් රටවල් වෙත පිටත් නොවෙමින් වෙනත් වීසා අයදුම් කිරීම ඔස්සේ ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට උත්සහ දැරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණික ප්‍රජාවගේ ඉහලයෑමක් සිදුව ඇති බව වාර්තා වනවා.
මෙවැනි තත්වයක් තුළ 2022 වසරේ අගභාගයේදී හිටපු රාජ්‍ය සේවා ප්‍රධානී Martin Parkinson විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ක්‍රියාවලිය සම්බන්ධව පද්ධති සමාලෝචනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටි අතර එහි අවසන් වාර්තාව පසුගිය වසරේ මාර්තු මාසයේදී රජය වෙත භාර දී තිබෙනවා.

එම සමාලෝචනයට අනුව ඔස්ට්‍රේලියානු සංක්‍රමණ පද්ධතිය අකාර්යක්ෂම බවත් එය වැඩිදියුණු කළ යුතු බවත් සදහන්ව තිබීම විශේෂත්වයක්.