Search

වික්ටෝරියා Myki කාඩ් ක්‍රමය යලිත් අලුත් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ Myki කාඩ් ක්‍රමය මෙහෙයවන සමාගම පොදු ප්‍රවාහන ප්‍රවේශ පත්‍ර ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සම්බන්ධ කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වනවාද යන ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සදහා 2023 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද සමාගමක් වන Conduent සමාගම විසින් තවත් ලංසුකරුවන් දෙදෙනෙකු පරාජය කරමින් ඩොලර් බිලියන 1.7 ක කොන්ත්‍රාත්තුවක් ලබාගෙන තිබෙන බව සදහන්.

ගිවිසුමේ කොටසක් ලෙස Conduent සමාගම විසින් Myki පද්ධතිය වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියේ වගකීම දරනු ලබන පසුබිමක ඒ ඔස්සේ මගීන්ට තම ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයෙන් ප්‍රවාහන ගාස්තු ගෙවීමේ අවකාශය සැලසෙනවා.

වික්ටෝරියානු ප්‍රාන්ත රජය සහ Conduent සමාගම විසින් මෙම ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සදහා අවශ්‍ය අතිරේක පිරිවැය සහ තාක්ෂණික ක්‍රමෝපායන් සම්බන්ධව නීතිමය අර්බුදයක පැටලී තිබෙන බවටද තොරතුරු වාර්තා වනවා.

Myki ව්‍යාපෘතියෙන් Conduent සමාගම ඉවත්වීමට සූදානම් වනවාදැයි මාධ්‍ය නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම එම සමාගම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම කොන්ත්‍රාත්තුවෙන් Couduent සමාගම ඉවත් වීම සම්බන්ධයෙන් මෙතෙක් තමන් සමග සාකච්ඡා කර නොමැති බවටයි වික්ටෝරියා ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත්තේ.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »