
රැකියා සොයන ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් තරඟකාරී රැකියා වෙළදපොළ තුළ ඉදිරියට යෑම සදහා AI තාක්ෂණය උපයෝගී කරගන්නා බව මෘදුකාංග සන්නාමයක් වන Capterra විසින් සිදු කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
රැකියා අපේක්ෂකයන්ගෙන් 73% ක් පමණ එම ක්‍රියාවලීන් සදහා AI තාක්ෂණය උපයෝගී කරගෙන ඇති බවට මෙම සමීක්ෂණයෙන් හෙලිවී ඇති බවයි වාර්තා වන්නේ.
එම පිරිසෙන් 90% ක් පමණ ඔවුන්ගේ කුසලතා සහ ජීව දත්ත පත්‍රිකාවල සදහන් තොරතුරුවලින් බහුතරයක් ව්‍යාජ ඒවා සහ වර්ණනා පමණක් බවට පිළිගෙන තිබීම විශේෂත්වයක්.

සෙසු රැකියා අයදුම්කරුවන් විසින් ඔවුන්ගේ අයදුම්පත් AI තාක්ෂණය භාවිතා කරමින් එලෙස සකස් කරන නිසා සෙසු අයදුම්කරුවන්ද AI තාක්ෂණය එම ක්‍රියාවලිය සදහා උපයෝගී කරගන්නා බව ද හෙලිවී තිබෙනවා.
AI තාක්ෂණය භාවිතා කරන අය මෙම ක්‍රියාවලිය ගැටළුවක් ලෙස නොදකින බවත් AI තාක්ෂණය භාවිතා නොකරන අයගෙන් 25% ක් පමණ මෙම ක්‍රියාවලිය වංචාවක් ලෙස සලකන බව ද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙන බවට වාර්තා වනවා.

AI තාක්ෂණය මිනිසුන්ට රැකියා සොයා ගැනීමට සහය වන අතරම ඇතැමුන්ට රැකියා අවස්ථා සම්බන්ධයෙන් වංචනික ක්‍රියාකාරකම් සිදුකිරීමට ද භාවිතා කළ හැකි බවට Capterra හි විශ්ලේෂකයෙකු වන Andrew Blair සදහන් කර තිබෙනවා.