Search

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේ දිනයත් ගැටලුවක් වෙයි

ඉදිරි මාස 6 ක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය පැවැත්වීමට නියමිත යැයි ඉඟි පල වී තිබෙන බවට වාර්තා වනවා.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් මැතිවරණය පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් ඉඟි පළකර තිබෙන බවට තොරතුරු වාර්තා වන නමුත් මෙතෙක් මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනයක් පිළිබදව සදහන් කර නොමැති වීම විශේෂත්වයක්.

මැතිවරණය පැවැත්වෙන දින වකවානු තීරණය කරන ආකාරය පිළිබදව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ව්‍යවස්ථාවේ නිසි පරිදි සදහන්ව තිබෙනවා.

ඇතැම් පාර්ශවයන් එය ද්විත්ව මැතිවරණයක් විය හැකි බවට අනුමාන කරන අතර ඔස්ට්‍රේලියාව තුළ අවසන් වරට ද්විත්ව මැතිවරණයක් පවත්වා ඇත්තේ 2016 වසරේදී බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් විසින් ශිෂ්‍ය ණය අඩුකිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන්ද අදහස් පළකර තිබෙනවා.

මීළග මැතිවරණය කම්කරු පක්ෂය ජයග්‍රහණය කළහොත් සිදුකරන පලමු ප්‍රතිසංස්කරණය ශිෂ්‍ය ණය අඩුකිරීම බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් ප්‍රකාශ කර තිබීම ද කැපී පෙනන බවයි වාර්තා වන්නේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »