Search

ඔස්ට්‍රේලියානුවන්ගේ තරබාරුකමට රූපවාහිනිය සහ Games ද වගකිව යුතු බවට චෝදනා

අධික ලෙස රූපවාහිනී වැඩසටහන් නැරඹීම සහ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ Games Play කිරීම ඔස්ට්‍රේලියානුවන්ගේ තරබාරුකම ඉහල යෑමට හේතුවක් වන බවට නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මෙල්බන් විශ්ව විද්‍යාලය සහ RMIT විශ්ව විද්‍යාලය විසින් “The Fattening Speed” යන පර්යේෂණ මාතෘකාව ඔස්සේ සිදු කළ මෙම ඒකාබද්ධ අධ්‍යයනය තුළින් අධිවේගී අන්තර්ජාල පහසුකම් භාවිතය හා පුද්ගලයෙකුගේ තරබාරුකම වර්ධනය වීම අතර සම්බන්ධයක් පවතිනවාද යන වග ගවේෂණය කර තිබෙන බව සදහන්.

මාර්ගගත (Online) ක්‍රමවේදය හරහා Games Play කිරීම සහ Streaming Platforms හරහා විවිධ වැඩසටහන් නිරතුරුව නැරඹීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශ කර ඇති ව්‍යායාම් මාර්ගෝපදේශය ක්‍රියාවට නැංවීමට කාලය ඉතිරි නොවන බව මෙම අධ්‍යයනයෙන් සොයා ගෙන ඇති බව සදහන් වනවා.

ABS දත්ත වාර්තා පෙන්වා දෙන ආකාරයට 2022 වසරේදී ඔස්ට්‍රේලියානු වැඩිහිටි ප්‍රජාවෙන් තුනෙන් දෙකක් පමණ ශරීරයේ බර වැඩිවීම හෝ තරබාරු බවට පත්ව තිබෙනවා.

අන්තර්ජාලය භාවිතා කිරීමේදී දීර්ඝ කාලයක් වාඩිවී සිටීම සහ ව්‍යායාමවල නිරත නොවීම තරබාරුකම වර්ධනයට හේතුවක් වන බව මොනෑෂ් ව්‍යාපාරික පාසලේ ආචාර්ය Klaus Acklermann ප්‍රකාශ කර තිබෙනවා.

ජාතික Broadband ජාල භාවිතය 1% කින් වර්ධනය සමග තරබාරුකම 6.6% කින් වර්ධනය වීම සම්බන්ධ වී තිබෙන බවට පර්යේෂකයන් විසින් සොයාගෙන තිබීම විශේෂත්වයක්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »