Search

ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියේ ජය පාකිස්තානයට

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය තරඟ 2 -1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සංචාරක පාකිස්තානු කණ්ඩායම අද (10) සමත් වුණා.

ඒ අද (10) පර්ත් හීදී පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් කඩුළු 8 ක විශිෂ්ඨ ජයක් ලැබීමත් සමඟයි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරනු ලැබුවා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 31 පන්දු 5 ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 140 ක් පමණයි.

පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශහීන් ෂා අෆ්රිඩි සහ නසීම් ෂා කඩුළු 3 බැගින් බිදහෙලීමට සමත් වීම ද කැපී පෙනුණා.

ලකුණු 141 ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය පාකිස්තානු කණ්ඩායම කඩුළු 2 ක් පමණක් දැවී තරගයේ ජය හිමිකර ගැනීමට සමත් වුණා.

ඒ අනුව 2 -1 ක් ලෙස දෙරට අතර පැවති එක්දින තරගාවලියේ ජය පාකිස්තානු කණ්ඩායමට හිමි වුණා.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පලමු තරගය නොවැම්බර් 14 වනදා බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිතය.