Search

වික්ටෝරියා ප්‍රාන්තයේ වසරේ ඔස්ට්‍රේලියානුවා නම් කරේ

AFL හි විශිෂ්ඨයෙකු ලෙස සැලකෙන Neale Daniher වික්ටෝරියා ප්‍රාන්තයේ වසරේ ඔස්ට්‍රේලියානුවා ලෙස නම්කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් විසින් ඊයේ රාත්‍රියේදී මෙල්බන් හීදී පැවති උත්සවයක් අතරතුර මෙම නම්කිරීම සිදුකර ඇති බව වාර්තා වනවා.

Neale Daniher විසින් “Moter Neurone (MND)” රෝගය සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීමට සහ අරමුදල් රැස්කිරීමට ඉතාමත් කැපවීමෙන් වැඩ කටයුතු කිරීම නිසා ජනයාගේ ගෞරවයට පත්ව සිටින බවද සදහන්.

2013 වසරේදී මෙම රෝගය ඔහුට වැළදීම නිසා ඔහු එම රෝගීන් වෙනුවෙන් කැපවීමෙන් වැඩකයුතු සිදුකරනු ලබන බවයි වාර්තා වන්නේ.

ඔහු “Big Freeze” පුණ්‍යායතනයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසද කටයුතු කරන බව වැඩිදුරටත් සදහන්.