Search

මුහුදට වැටි අතුරුදන් වූ නාවිකයා පැය 24කට පසු නිරුපද්‍රිතව සොයා ගැනේ

පැය 24කට ආසන්න කාලයක් මුහුදේ සිරවී සිටි වියට්නාම නාවිකයෙකු NSW වෙරළට කිලෝමීටර් 5ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් සොයාගැනීමට සමත්ව තිබෙනවා.

මෙම වියට්නාම ජාතික නාවිකයා පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් මුහුදට වැටී අතුරුදන් වූ බවයි වාර්තා වන්නේ.

අතුරුදන් නාවිකයා සොයා ගුවන් සහ නාවික මෙහෙයුම් රැසක් සිදුකර තිබෙනවා.

ඔහුව සොයා ගත්තේ පිරිසක් ගමන් ගත් බෝට්ටු චාරිකාවක නිරත ව සිටි දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

මෙය ඉතා ප්‍රාතිහාර්‍යාත්මක අවස්ථාවක් බවයි බොහෝ දෙනා සදහන් කරන්නේ.

චාරිකාවේ නිරතවු දෙපල මෙලෙස වතුරේ යමෙන් සිටින බව දැක ඉතා ඉක්මනින් ඔහුව බෝට්ටුවට නංවා වතුර සහ බ්ලැන්කට්ටුවකින් ඔහුට අවශ්‍ය උණුසුම ලබා දී හදිසි ඇමතුම් අංකයට ඒ බව දැන්වූ බව වාර්තා වනවා.

මෙතරම් කාලයක් ජලයේ සිට දිවි බෙරාගත් ලොව පළමු පුද්ගලයා මොහු විය හැකි බව බොහෝ දෙනා මවිත වෙමින් සදහන් කළා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »