
පාසල් බස් රථයක දමා ගිය වයස අවුරුදු 05 ක ශ්‍රී ලාංකික දරුවෙකු තම දෙමව්පියන් සොයා තනිවම කිලෝ මීටරයක දුරක් ඇවිද ආ සිදුවීමක් දකුණු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වනවා.
එම දරුවා අදාළ පාසල් බස් රථයේ අමතකවී දමා යාමෙන් මෙම සිදුවීම සිදුව ඇතැයි සඳහන්.
තිනුල රයොන් හෙට්ටිආරච්චි නම් මෙම දරුවා සිය නිවසට කිලෝ මීටර් 10 ක පමණ දුරකින් බස් රථය නවතා තැබීමෙන් පසු බස් රථය තුළ තනිවී ඇති අතර දැඩි උෂ්ණත්වයක් සහිත කාළගුණයක් හමුවේ පැයකට වැඩි කාලයක් නිවෙස සොයා ඇවිදිමින් ගමන් කර තිබෙනවා.

නිවස අසලින් තිනුල රයෝන් නම් මෙම සිසුවා බස්වා යෑමට අදාළ පාසල් බස් රථයේ රියදුරුට අමතකවී ගොස් ඇති බව සඳහන්.
තිනුල රයෝන් හෙට්ටිආරච්චි නමැති දරුවාගේ දෙමව්පියන් ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් වන අතර ඔවුන් මීට වසර 4 කට පමණ පෙර මෙල්බර්න් සිට දකුණු ඔස්ටේ්‍රලියාවට පැමිණ තිබෙනවා.

නිවස බලා එමින් සිටි තිනුලව අසල්වැසි කාන්තාවක විසින් සොයාගෙන ඇති අතර ඔහු ඒ වනවිට දැඩි කම්පනයකට ලක්ව සිටි බවද සඳහන්.
අනතුරුව අදාළ කාන්තාව දුරකතන මාර්ගයෙන් තිනුලගේ දෙමව්පියන් අමතා තිබෙනවා.
තිනුල රයෝන් හෙට්ටිආරච්චි නම් දරුවාගේ දෙමව්පියන් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මීට අදාළව පාසල වෙත නිල පැමිණිල්ලක් සිදුකලද මේ දක්වා පාසලෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි තිනුල ගේ දෙමව්පියන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.