Search

සුරතල් සතුන් සිටින මෙල්බන් වැසියන්ට උණුසුම් කාළගුණය සමග දැනුම් දීමක්

පවතින උණුසුම් කාළගුණය සමග සුරතල් සතුන් ඇතිකරන ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

විශේෂයෙන් මේ දින වල තෘණ ශාකයන්ගේ ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර ඒ සමග පරිසරයේ බහුලව දැකිය හැකි Awns ලෙස හඳුන්වන තෘණ බීජ සුරතලුන් ලෙඩ කළ හැකි බවටයි අනතුරු අගවා ඇත්තේ.

එම තෘණ බීජ සත්ව ලොම් හා ඉතා ඉක්මනින් ඇලිමක් සිදු වන අතර එම බීජ සමට ඇණීම සුරතලුන්ට වේදනාකාරි බවයි මෙල්බන් පශු වෛද්‍ය ඩයනා බේකර් පවසන්නේ.

ඔස්ට්‍රේලියාවේ සත්ව සුබසාධන සංවිධානය විසින් මේ පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් ද සංවිධානය කර තිබුණා.

මෙල්බර්න් නගරයේ ලියාපදිංචි සුනඛයන් 5400 ක් සහ ලියාපදිංචි බළලුන් 4800 ක් පමණ ඇති අතර City of Melbourne වෙබ් අඩවිය දක්වා තිබෙන අතර මෙම තෘණ විශේෂයෙන් වැඩි අවදානම මෙල්බන් අවට සුනඛයින්ට වීමත් විශේෂත්වයක්.

මෙම තෘණ බීජ සුරතලුන්ගේ කන්,නාස සහ උගුරට ගියහෝත් බරපතල තත්වයන් ඇති විය හැකි බවයි පශු වෛද්‍යවරුන් දන්වා ඇත්තේ.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »