
වඩාත් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි පුද්ගලයන් සිටින රටවල් පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
World Statistics වෙබ් අඩවිය විසින් මෙම වාර්තාව නිකුත් කර ඇති අතර සියයට සියයක් ඉංග්‍රීසි භාෂාව හැසිරවීම අතින් පෙරමුණට පත්ව ඇත්තේ Gibraltar රාජ්‍යයයි.
තවද එම ශ්‍රේණිගත කිරීමේ සියයට 98.7ක ප්‍රතිශතයක් වාර්තා කරමින් අයර්ලන්තය දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීම අනුව බ්‍රිතාන්‍ය තුන්වන ස්ථානය හිමිකරගෙන ඇති අතර නවසීලන්තයට හිමිවන්නේ 4 වන ස්ථානයයි.
මෙම ශ්‍රේණිගත කිරීමට රටවල් 34ක් ඇතුලත් කර ඇති අතර සිංගප්පුරුව සහ ඇමරිකා එක්සත් ජනපදය ඉංග්‍රීසි භාෂාව ප්‍රවීණ ලෙස හැසිරවිය හැකි වැඩි ජනගහනයක් සිටින රටවල් අතර 4 සහ 5 යන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට මෙම ශ්‍රේණිගත කිරීමේ හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි. එනම් ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 92.8ක් ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි බව එම වාර්තා පෙන්වා දෙනවා.
තවද එම ශ්‍රේණිගත කිරීමේ චීනයට හිමිවන්නේ අවසන් ස්ථානය වන අතර එරට චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි පුද්ගලයින් සිටිනුයේ 0.9% ක් වීම විශේෂත්වයක්.