ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් වැඩි දෙනෙක් මේ දින වල නොයෙක් වංචනික මූල්‍ය ගණුදෙනුවලට රැවටී ඇති බව නවතම අධ්‍යනයක දී අනාවරණය වි තිබෙනවා.
විශේෂයෙන් මෙම ග්‍රීෂ්ම සෘතුවේ බෙහෝ මුල්‍ය වංචනිකයින් විවිධ ලෙස කොල්ලකන ලද මුදල් විශුද්ධිකරණය සඳහා ජාත්‍යන්තර සිසුන් රවටා ඇති බවයි වාර්තා වන්නේ.
මෙවැනි වංචාවලට සම්බන්ධ මුදල්, බොහෝ විට සයිබර් අපරාධ මෙන්ම මිනිස් ජාවාරම් සඳහා යොදාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.
දැනටමත් ජාත්‍යන්තර සිසුන් මෙවැනි ජාවාරමකට හසුව ඇත්නම් හැකි ඉක්මනින් අදාළ බලධාරින් හා සම්බන්ධ වන ලෙස දැනුම් දෙනවා.
අන්තර්ජාලය ඔස්සේ හමුවන පුද්ගලයින් ඔස්සේ ඇතිකරගන්නා හිතවත්කම් මත, පුද්ගල ගිණුම් වලට මුදල් බැර කිරිමට වැඩි උනන්දුවක් දක්වන්නේ නම් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසයි ජාත්‍යන්තර සිසුන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දෙන්නේ.
බොහෝ වංචනිකයින් සමාජ මාධ්‍ය තුළ ප්‍රේම සම්බන්ධතා වලට ඇරයුම් දෙන මුවාවෙන් මෙවැනි මූල්‍ය අපරාධ සඳහා ජාත්‍යන්තර සිසුන් නොමග යවන බවට අනාවරණය වනවා.
ඔස්ට්‍රේලියාවේ සිටින චීන ජාතික සිසුවෙකු ට පසුගිය දා මෙලෙස අන්තර්ජාලය ඔස්සේ මුදල් තැන්පතුවක් සිදුව ඇති අතර එම මුදල් බැංකුවෙන් ලබා ගැනිමට ගිය අවස්ථාවේ දි මෙලෙස අර්බුදයට ලක්ව තිබුණා.
වංචාකරුවන් බැංකු සේවකයන්, පොලිසිය හෝ වෙනත් නිලධාරීන් ලෙස පෙනී සිටින බවට ද අනාවරණය වි තිබෙනවා.