Search

වසරකට $ ලක්ෂ 05 ඉක්මවා හිමිවන ඔස්ට්‍රේලියාවේ රැකියා 10ක්

මෙම වෘත්තීන්වල නියැලෙන්නන්ට වසරකට ඩොලර් ලක්ෂ 5ක් ඉක්මවා වැටුප් හිමිවන බවයි සඳහන් වන්නේ.

සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ ඉහළම වැටුප් ලබන මෙම තනතුරු වලින් එකකට යාම සඳහා දැනුම, පළපුරුද්ද හෝ අධිෂ්ඨානශීලී භාවය ඇත්නම් ඔස්ට්‍රේලියාවේ හොඳම වැටුප් ලබන අය අතරට එක්විය හැකි බවයි.

ඒ අනුව වැඩිම වැටුප් ලබන වෘත්තීන් අතරින් පළමු තැනට පැමිණ ඇත්තේ සමාගම්වල කොටස්වලට හිමිකම් කියන නීතීඥවරුයි.

නීත්‍යානුකූල කොටස් හවුල්කරුවන් වසරකට ඩොලර් 850,000කට වඩා වැඩි වැටුපක් ලබා ගන්නා බව සඳහන්.

ප්‍රධාන විධායක නිලධාරී හෝ කළමනාකාර අධ්‍යක්ෂ යන තනතුරු ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන රැකියා අතරින් දෙවන තැනට පත්ව ඇති අතර ඔවුන්ගේ සාමාන්‍ය වැටුප වසරකට ඩොලර් ලක්ෂ 7ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

තුන්වන තැනට භාණ්ඩාගාර ප්‍රධානි වෘත්තීය පැමිණ ඇති අතර ඔවුන්ට හිමිවන වාර්ෂික වැටුප ඩොලර් 510,000ක් පමණ වනවා.

ප්‍රධාන ප්‍රසම්පාදන නිලධාරි, මානව සම්පත් ප්‍රධානි, දේපල සංවර්ධන අධ්‍යක්ෂ, තිරසාර ව්‍යාපෘති අධ්‍යක්ෂ, පතල් ජම්බෝ ක්‍රියාකරුවන්, ඉදිකිරීම් කළමනාකරු සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති අධ්‍යක්ෂ යන තනතුරු වැඩිම වැටුප් ලබන අනෙක් රැකියා අතරට අයත්.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »