Search

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගයෙහි වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව අවසන් වරට නිකුත් කල (November 08) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් සුලු අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිළ සටහන්වූයේ රුපියල් 199 යි ශත 69 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 189 යි ශත 99 ක් ලෙසයි.

මේ අතර (November 08) ඊයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 297 යි ශත 18 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 288 යි ශත 13ක් වනවා.

පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය ඩොලර් 197ක් ලෙස පැවති අතර මේ වන විට සුලු ඉහළ යෑමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 322.07 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 309.25ක් ලෙසයි.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »