15වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා දෙන්නට නිමල් වන්නිආරච්ච් ඊයේ දිනයේදී සමත් වුණා.
ඔහු මෙලෙසින් රිදී පදක්කම දිනාගත්තේ වයස අවුරුදු 50-60 මාස්ටර්ස් කාණ්ඩයේ කිලෝග්රෑම් 80ට වැඩි බරපන්තියෙන් තරග වදිමින්. එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වුණේ ඉන්දීය ක්රීඩකයෙක්.
56 හැවිරිදි නිමල් වන්නිආරච්චි මෙරට කායවර්ධන ක්රීඩාවේ නමක් තැබූ අයකු වන අතර ‘රොබෝ නර්තනය’ හේතුවෙන් ඔහු වඩාත් ප්රසිද්ධියට පත්ව ඇත.