ඩොනල්ඩ් ට්රම්ප් මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර (එනම් ජනවාරි 20ට පෙර) ඉරානය විසින් ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්රණය කරන බවට ඇමරිකාව චෝදනා කරනවා.
එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් ඇෆ්ගන් ජාතිකයෙකුට එරෙහිව එක්සත් ජනපද රජය මේ වන විට චෝදනා එල්ල කර ඇති බවයි BBC පුවත් සේවය පවසන්නේ.
51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නම් පුද්ගලයෙකුට එරෙහිව ඇමරිකානු අධිකරණය අධිචෝදනා පත්රයක් යොමු කර තිබෙන අතර ට්රම්ප් ඝාතනය කිරීම සඳහා සැලැස්මක් සැපයීම ඔහුට පැවරී ඇති බවටයි ඔහුට විරුද්ධව චෝදනා වන්නේ.
මෙතෙක් ෆර්හාඩ් ෂකේරි අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු ඉරානයේ සිටින බවට විශ්වාස කරන බවත් අමෙරිකා එක්සත් ජනපද රජය පවසනවා.
මෑන්හැටන් උසාවියේ අපරාධ පැමිණිල්ලක් ගොනු කරමින් නඩු පවරන්නන් චෝදනා කරන්නේ, ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ නිලධාරියෙකු විසින් ට්රම්ප්ව ඝාතනය කිරීමට සැලැස්මක් සකස් කරන ලෙස පසුගිය සැප්තැම්බර් මාසයේදී ෂකේරිට උපදෙස් දී ඇති බවට තොරතුරු අනාවරණය වනවා