
2023-2024 මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් අතුරින් වැඩි දෙනෙක් තෝරාගෙන ඇති ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නම් කර තිබෙනවා.
ඒ අනුව සංක්‍රමණිකයින් 57458 ක් නිව් සවුත් වේල්ස් තොරාගෙන ඇති අතර දෙවන තැනට පත්ව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයයි.
2023-2024 මූල්‍ය වර්ශයේ දී වික්ටෝරියාවට සංක්‍රමණිකයින් 50146 ක් පැමිණ ඇති අතර එම අගය සියයට 0.9ක වැඩිවීමක් බව සඳහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයයේ සංක්‍රමණිකයින් සංඛ්‍යාව පසුගිය වසර හා සැසදිමේ දී සියයට 0.1ක අඩුවීමක් පෙන්නුම් කරන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
සංක්‍රමණිකයින්ගේ පැමිණිම අතින් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන ප්‍රාන්තය ලෙස වික්ටෝරියාව හිමිකර ගෙන තිබෙනවා.

2023-2024 මූල්‍ය වර්ශයේ දී 190000 ක් ඔස්ටේ්‍රලියාවට පැමිණ තිබුණ ද එම අගය සියයට 2.6 ක අඩුවීමක් බව සඳහන්.
පිළිවෙළින් ක්වින්ස්ලන්ඩ්, බටහිර ඔස්ටේ්‍රලියාව සහ දකුණු ඔස්ටේ්‍රලියාව සංක්‍රමනිකයින්ගේ වැඩි ජනප්‍රියතාවක් දක්වන ප්‍රාන්ත ලෙසයි දැක්වෙන්නේ.