
“Boomberg’s Billionaires” දර්ශකයට අනුව ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් Donald Trump ජයග්‍රහණය කිරීමෙන් පසුව ලොව ධනවත්ම පුද්ගලයන් සතු ධනය වාර්තාගත අයුරින් ඉහල ගොස් ඇතැයි සදහන් වනවා.
2012 වසරේදී මෙම දර්ශකය ආරම්භ කළ දිනයේ සිට එක් දිනක් තුළදී (නොවැම්බර් 6) ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනා සතු ධනය ඇමරිකානු ඩොලර් බිලියන 64 කින් ඉහල ගිය පලමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වන බවයි වාර්තා වන්නේ.
දර්ශකයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන Elon Musk ගේ වත්කම් ඩොලර් බිලියන 39.5 කින් ඉහල ගොස් තිබෙන අතර මේ වනවිට ඔහුගේ සමස්ත වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 434 ක් බවයි සදහන් වන්නේ.

ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව සිටින ඇමසන් හි නිර්මාතෘ Jeff Bezos සතු වත්කම් ඩොලර් බිලියන 10.6 කින් වර්ධනය වී තිබෙන අතර ඔහු සතු මුළු වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 341 ක් බව වාර්තා වනවා.
Facebook නිර්මාතෘ Mark Zuckerberg මෙම ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානයට පත්ව ඇති අතර ඔහු සතු වත්කම් ඩොලර් මිලියන 121 කින් ඉහල ගොස් ඇති පසුබිමක මේ වනවිට ඔහුගේ සමස්ත වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 302 ක් වන බවයි සදහන් වන්නේ.

මෙම ලැයිස්තුවේ සිව් වන ස්ථානයේ රැදී සිටින Larry Ellison ගේ වත්කම් ඩොලර් බිලියන 8.2 කින් ඉහල ගොස් තිබෙන අතර ඔහුගේ වත්කම්වල සමස්ත වටිනාකම ඩොලර් බිලියන 289 ක් බවයි වාර්තාගත වී ඇත්තේ.
ලොව ධනවත්ම පුද්ගලයන් 10 දෙනාගේ ලැයිස්තුවේ පස් වන ස්ථානය හිමිකරගෙන සිටින ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙකු වන Bernad Arnault ගේ පමණක් සමස්ත වත්කම්වලින් ඩොලර් බිලියන 4.27 ක් අඩු වී තිබීම විශේෂත්වයක්.
ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව හය වන ස්ථානයේ රැදී සිටින Bill Gates ගේ වත්කම් ඩොලර් බිලියන 2.73 කින් ඉහල ගොස් තිබෙන අතර මේ වනවිට ඔහු සතුව ඇති සමස්ත වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 238 ක් වනවා.
මෙම ලැයිස්තුවේ සෙසු ස්ථානවල පිළිවලින් පසුවන Larry Page, Sergey Brin, Warren Buffet සහ Steve Ballmer ගේ වත්කම් ද Donald Trup ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු වර්ධනය වී ඇති බවට දර්ශකයේ දත්තවල වැඩිදුරටත් සදහන්.