Search

ඔස්ට්‍රේලියාවේ කක්කල් කැස්ස රෝගීන් වාර්තා අතරට වික්ටෝරියාවත් අවදානමේ

ඔස්ට්‍රේලියාවේ වාර්තාගත වැඩිම කක්කල් කැස්ස රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වු වසර ලෙස 2024 නම් කර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ඔස්ට්‍රේලියාවේ දිනකට වාර්තාගත කක්කල් කැස්ස රෝගීන් ගණන 130 ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

මෙතෙක් ඔස්ට්‍රේලියාවේ වැඩිම කක්කල් කැස්ස රෝගීන් සංඛ්‍යාවක් 2011 වසරෙන් වාර්තා වු අතර එම අගය 38748 ක් බව සඳහන්.

කෙසේ වෙතත් මෙම වසරේ ගතවු කාලසීමාව තුළ රෝගීන් 41000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම වසර අවසන් වීමට තවත් දින 50කට ආසන්න කාලයක් පැවතියද කක්කල් කැස්ස රෝගින්ගේ ගණන 45000 ඉක්මවනු ඇති බවයි.

විශේෂයෙන් නිව් සවුත් වේල්ස්, ක්වින්ස්ලන්ඩ් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත වල කක්කල් කැස්ස රෝගීන්ගේ වැඩි ප්‍රවනතාවක් පවතින බව වාර්තා වනවා.

තවද 2023 වසරේදී වයස අවුරුදු 13 සම්පූර්ණ වන සෑම ළමුන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ කක්කල් කැස්ස බූස්ටරය මග හැරී ඇති බවද වැඩිදුරටත් සඳහන් වනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »