
මෙල්බන් වාසීන්ට 2024 වසරේ අවසන් සුපිරි චන්ද්‍රයා (Super Moon) දැක ගැනීමේ අවස්ථාව උදා වන බවට වාර්තා වනවා.
චන්ද්‍රයා පෘථිවියට ආසන්නව කක්ෂගත වීම හේතුවෙන් සුපිරි චන්ද්‍රයා (Super Moon) වෙනදාට වඩා විශාලත්වයෙන් සහ දීප්තිමත් අන්දමින් පෘථිවි වාසීන්ට දර්ශනය වීම සිදුවන බවයි සදහන් වන්නේ.
2024 වසරේ දී දර්ශනය වන අවසන් සුපිරි චන්ද්‍රයා (Beaver Moon) යනුවෙන් හදුන්වන බව වැඩිදුරටත් සදහන්.

timeanddate.com වෙබ් අඩවිය සදහන් කරන්නේ නොවැම්බර් 16 වනදා අළුයම 5.28 සිට රාත්‍රී 8.28 දක්වා එක් එක් වේලා කලාපයන්ට විවිධ අවස්ථා වලදි සුපිරි චන්ද්‍රයාගේ උදාව සහ බැසීම (Super Moon) ඔස්ට්‍රේලියානුවන්ට ඉතාමත් හොදින් දර්ශනය වන බවයි.
සුපිරි චන්ද්‍රයා (Super Moon) නැරඹීම සදහා දුරේක්ෂයක් අවශ්‍ය නොවන අතර පැහැදිලි අහසක් සහිත අදුරු ප්‍රදේශයක සිට මෙම දර්ශනය නැරඹීමේ අපූරු අවස්ථාව මෙල්බන් වාසීන්ට හිමිව තිබීම විශේෂත්වයක්.

නැවත සුපිරි චන්ද්‍රයා (Super Moon) දර්ශනය වීම සිදුවන්නේ 2025 වසරේදී වන බව අතර එම වසරේදී අවස්ථා තුනකදී පමණක් සුපිරි චන්ද්‍රයා (Super Moon) දර්ශනය වීම සිදුවන බවයි වාර්තා වන්නේ.