
වික්ටෝරියා ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ නව නිවාස සදහා අනුමැතිය ලබා දීමෙන් පෙරමුණට පැමිණ තිබෙන බවට වාර්තා වනවා.
පසුගිය වසර තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස 52,854 ක් ඉදිකිරීම සදහා අනුමැතිය ලබා දී ඇති අතර එම අගය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හා සැසදීමේදී 10,000 කට වඩා වැඩි අගයක් ගන්නා බවයි සදහන් වන්නේ.
දෛනිකව නව නිවාස 145 ක් පමණ ඉදිකිරීමට සූදානම් වන පසුබිමක දැරිය හැකි නිවාස 10,000 ක් පමණ ඉදිකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

ගතවූ මාස 12 ක කාලසිමාව තුළ නිවාස 10,000 කට ආසන්න ප්‍රමාණයක් කඩිනමින් සංවර්ධනය කිරීම සදහා අනුමත කර තිබෙන අතර ඉදිරියේදී නිශ්චිත ප්‍රදේශ 10 ක් කේන්ද්‍ර කරගෙන නිවාස සංවර්ධන හා ඉදිකිරීමේ ව්‍යාපෘති සැලසුම් කිරීමට අපේක්ෂා කරන බව සදහන් ව තිබෙනවා.
කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා රජය විසින් නීති ප්‍රතිසංස්කරණ 130 ක් පමණ සිදුකර තිබෙනවා.

දැරිය හැකි නිවාස 1300 ක් ඉදිකිරීම සදහා ඩොලර් බිලියන 1 ක ආයෝජනයන් සිදුකිරීම සම්බන්ධව ද සාකච්ඡා පවත්වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.