
ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 9 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට සංචාරක පකිස්තානු කණ්ඩායම අද (08) සමත් වුණා.
ඇඩිලේඩ් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානු කණ්ඩායමේ නායක මොහොමඩ් රිස්වාන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 35 ක් තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 163 ක් පමණි.

පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ හැරිස් රවුෆ් ලකුණු 29 කට කඩුළු 5 ක් බිදහෙලූ අතර ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 26 කට කඩුළු 3 ක් බිදහෙලනු ලැබුවා.
ලකුණු 164 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පාකිස්තානු කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු සීමාව සපුරා ගැනීමට සමත් වුණා.

පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් දියත් කළ Saim Ayub වේගවත් ලකුණු 82 ක් රැස්කිරීමට සමත් වුණා.
තරගාවලියේ ජයග්‍රාහකයා කවුරුන්ද යනවග තීරණය කරන දෙරට අතර අවසන් එක්දින තරගය නොවැම්බර් 10 වනදා පර්ත් හීදී පැවැත්වීමට නියමිතයි.