Search

පැය 12ක් නිසා Optus සමාගමට වාර්තාගත දඩයක්

2023 නොවැම්බර් මාසයේ  Optus ජංගම දුරකථන ජාල ඇනහිටීමක් හේතුවෙන් ඩොලර් මිලියන 12 ක දඩයක් නියම වී තිබෙනවා.

එම බිදවැටීම හේතුවෙන් පුද්ගලයන් 2,000 කට වැඩි පිරිසකට 000 ඇමතුම් ලබා ගැනීමට නොහැකි ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය සදහන් කළේ, එය පැය 14ක් පුරා පැවති මෙම ඇණහිටීම නිසා  රට පුරා සිටින මිලියන 10කට ආසන්න පාරිභෝගිකයින්ට ඉන් බලපෑම් සිදුව ඇති බවයි.

ඒ අනුව පාරිභෝගිකයින්ගේ හදිසි ඇමතුම් නීති කඩකිරීමේ වරදට ඔස්ට්‍රේලියානු සන්නිවේදන අධිකාරිය මගින් මෙම දඩමුදල පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

රජය විසින් පත් කරන ලද සමාලෝචනය කමිටු වාර්තාවකට අනුව මෙම පියවර ගෙන ඇති බව සදහන්.

Optus සමාගම නිවේදනය කළේ පසුගිය මාස 12 තුළ, Optus විසින් එහි පද්ධති සහ ක්‍රියාවලි පිළිබඳ සමාලෝචනයක් සිදු කර ඇති අතර, ජාලයේ හදිසි බිදවැටීම් වලදී හදිසි ඇමතුම් අංකය ඇමතීම

සඳහා මේවන විටත් වෙනස්කම් ‍රැසක් සිදු කර ඇති බවයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »